ඉතින් කොහොමද යාලුවනේ වැඩත් එක්ක ලිපියක් ලියන්න කාලය පොඩ්ඩක් අඩු වුනා. හරි මේ ලිපියෙන් සාමාන්‍ය මනෝවිද්‍යාවට අයත් ඉතාමත් වැදගත් මාතෘකාවක් කතා කරන්න ආරම්භ කරනවා මේ මාතෘකාව ලිපි කිහිපයකින් ඉදිරිපත් කරන්න වෙනවා. මොකද මේ මාතෘකාව සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරනව..
හරි එහෙනම් අපි මාතෘකාවට යමු.
ඉතින් මේ විදිහට වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඔහු ඉදිරියට ආවා පරීක්ෂන කරමින්. මනෝවිද්‍යාවට මොහුගේ කිසිම සම්බන්ධතාවයක් තුබුණේ නෑ. මොහු ස්නායුක වෛද්‍යවරයෙක් (neurologist) මනෝ විද්‍යාඥයෙක් නොවේ. ඉතින් ස්නායුක වෛද්‍යවරයෙක් විදිහට රෝගීන් ගැන බලමින් ඔහු යම් යම් පර්යේෂණ වල නිරත වුනා. ඒ අතරේදී එක් රෝගියෙක් අනෙක් රෝගීන්ට වඩා විශේෂ විය. එම රෝගියාගේ ශරීරයේ ඉන්ද්‍රියයක් අඩපණ වී ඇති හේතුවෙන් තමා මොහු ලගට එම රෝගියා ඇවිත් තියෙන්නේ. සියලූම පරීක්ෂන කරල බැලුවත් ෆ්‍රොයිඩ්ට මෙම රෝගයට හේතුව සොයා ගැනීමට අපහසු වුනා. මන්ද වෛද්‍යවිද්‍යාත්මකව කිසිම ආබාධයක් එම රෝගියා තුල තිබුනේ නැති නිසා. නමුත් ඔහුගේ එක අංශයක් අප්‍රාණිකයි. ඉතින් ෆ්‍රොයිඩ් කර කර හිටපු පරීක්ෂණ පැත්තකින් තියල මේ ගැන හොයන්න ගත්තා. මෙම රෝගය හිස්ටීරියා නම් රොගයක් වන බව දැනගත්හ.
හිස්ටීරියා රෝගය ගැන කතා කලොත් මෙම රෝගය මුලු යුරෝපයේම පැතිරෙමින් පැවති රෝගයක් වන අතර එයට වෛද්‍යවිද්‍යානුකූලව කිසිම සාදකයක් නොමැති රෝගයක් වේ. මේ රෝගය සහිත රෝගීන්ගේ ශරීරයේ ඉන්ද්රියයන් අප්‍රාණික වන අතර කිසිම වෛද්‍යවිද්‍යාත්මක හේතුවක් නොවීය. විවිධ කායික අපහසුකම් වේදනා ඇති වුවද ඒ සදහා කිසිම ප්‍රතිකාරයක් කිරීමට අපහසු විය මන්ද ඒ රෝග විනිස්චය කිරීමට අපහසු මෙන්ම විනිස්චය කිරීමෙන් ශාරීරික කිසිම හේතුවක් නොමැති වීමයි. ඇන්ටන් මෙස්මර් නැමැති වෛද්‍යවරයෙකු මේ රෝගය සදහා පරීක්ෂන කොට අසම්මත ප්‍රතිකාර ක්‍රමයක් ද හදුන්වාදී ඇත. ඒ වගේම එයින් රෝගීන් සුව කොට ඇති, නමුත් එම ක්‍රමය අසම්මත ක්‍රමයක් නිසා වෛද්‍යවිද්‍යාත්මකව තහනම් කොට ඇති. (අදුරු කුටියක් තුල එම රෝගීන් හිදුවා කල පරීක්ෂනය අපි අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන කතා කරනකොට මේ ගැන ඉදිරිපත් කරල තියනවා.) හිස්ටීරියාව සදහා මෙස්මර් ආරම්භ කරපු ප්‍රතිකාර ක්‍රමය මෙස්මර්ගෙන් පසුව ඒ පිලිබඳව අවදානය දැක්වූ වෛද්‍යවරුන් මෝහණ ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට පරිවර්තනය කොට වෛද්‍යවිද්‍යාත්මකව එම ප්‍රතිකාර ක්‍රමය අනුමත කොට ඇත. මෙම මෝහන ක්‍රමය හදුනාගත්තද හිස්ටීරියා රෝගය සඳහා නිස්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට අපොහොසත් වෙලා තියනවා. ඔවුන් පැවසූ ආකාරයට හිස්ටීරියා රෝගය ද මෝහන තත්වයක් වන බවය. ( හිස්ටීරියා රෝගය ගැන අපි සම්පූර්ණ ලිපියක් ඉදිරියේදී ලබා දෙන්නම්)
ඉතින් මේ පිලිබඳව පරීක්ෂණ කල ෆ්‍රොයිඩ්ට මෙම තත්වය එක්තරා ආකාරයක මානසික තත්වයක් පමණක් වන බව හඳුනාගත්හ. ඒ වගේම මෝහණය නැමැති ක්‍රමය දුර්වල ප්‍රතිකාර ක්‍රමයක් වන අතර මෙතෙක් අධ්‍යයනය කොට ඇති පටු ක්රමයන්ගෙන් ඈත් වී මනසේ ස්වාභාවය, මනසේ ක්‍රියාකාරීත්වය, පෞරුෂය, ගැටලු යන පුලුල් ක්ෂේත්රයන් පිලිබඳව අධ්‍යයනය කිරීමට ආරම්භ කළහ. මේ තුලින් පුළුල් මනෝවිද්‍යා දෘෂ්ටියක් ගොඩනැගීමට හැකි විය. මේ පිලිබඳව අධ්‍යයනයන් ආරම්භ කිරීමත් එක්කම ස්නායුක වෛද්‍යවරයෙකු වන ෆ්‍රොයිඩ් මනෝවිද්‍යාව පැත්තට ක්‍රමක් ක්‍රමයෙන් අවතීර්ණ වන්නට විය. ෆ්‍රොයිඩ් හට හිස්ටීරියා රෝගය සදහා ඉතා හොද ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට හැකි විය. ඒ වගේම හිස්ටීරියා රෝගය සඳහා කැපවූ අනිත් වෛද්‍යවරුන් අබිබවා ෆ්‍රොයිඩ් ඉදිරියටවිත පුළුල් නව ක්ෂේත්රයන් ගනනාවක් ආරම්භයට අඩිතාලම දමා ඒවාත් උපරිම අවස්ථා දක්වා වර්ධනය කොට ඇත..
අපි පොඩ්ඩක් වටාපිටාව පොඩ්ඩක් දැනගෙනම ඉදිරියට යන්න ඕනේ එතකොට මගේ අරමුණ සාර්තක වෙනව සම්පූර්ණ වෙනවා. මනෝවිශ්ලේෂණවාදය ගැන කතා කරන්න පටන් ගන්නකොට ෆ්‍රොයිඩ් ගැන කතා කලේ නැත්තම් ඒකේ කිසිම වැඩක් වෙන්නේ නෑ. ෆ්‍රොයිඩ්ගේ සෑඑම සොයාගැනීමක්ම සෑම දෙයක්ම මේ මනෝවිශ්ලේෂණවාදී න්‍යායට අයත් දේවල් තමා. හරි අපි ඊලග ලිපියෙන් අපි තවත් ඉදිරියට යමු.. මනෝවිශ්ලේෂණවාදයේ සෑම දෙයක්ම අලගිය මුලගිය සෑම තැනක් ගැනම සම්පූර්ණයෙන් ඉදිරිපත් කිරීම මගෙ අරමුණයි...
හරි එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author
Dushyantha Samarasinghe